අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ පෙත්සම නිශ්ප්‍රභයි

Tuesday, 08 March 2016 - 16:09

%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B6%BA%E0%B7%92
අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධියේ පරීක්ෂණවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගොනුකළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද නිශ්ප්‍රභ කළා.

පෙත්සම කැඳවුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර ඇතුලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදියි.

තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත්, එය වළක්වන ලෙසත් ඉල්ලා අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම පෙත්සම ගොනුකර තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ පොදු දේපළ පනත යටතේ අතිරේක මහේ්ස්ත්‍රාත්වරයා වරදක් කර ඇති බැවින් මෙම සිද්ධියට අදාළව මැදිහත්වීමක් සිදු නොකරන ලෙසයි.

අතිරේක මහේස්ත්‍රාත්වරයා සතුව සිටි අලි පැටවෙකු බලපත්‍ර ගැටළුවක් මත වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගැනෙන්නේ පසුගිය වසරේ මැයි 13 වනදායි.

එසේම පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා 5 ක් යටතේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එහි දැක්වුණේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ තමා ළඟ තබාගෙන සිටි ඇත් පැටවා බැලීමට පින්නවල අලි අනාථාගාරයට ගොස් කළහකාරී ලෙස හැසිරී ඇති බවයි. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories