මහල් සංකීර්ණයක ගින්නකින් 16කට තුවාල

Tuesday, 29 March 2016 - 8:02

%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+16%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දැවැන්ත මහල් නිවාස සංකීර්ණයක ඊයේ විශාල ගින්නක් ඇති වී තිබෙනවා.

ඩුබායි නගරයේ උතුරු ප්‍රදේශයේ අල් සවාන් හි පිහිටි එමිරේට් ඔෆ් අජ්මාන් මහල් නිවාස සංකීර්ණයයි මෙහිදී ගිනි ගැනීමට ලක්වූයේ. කෙසේ නමුත්, එහි සිටි සියල්ලන් අනතුරකින් තොරව ඉවත් කර ගැනීමට හැකි වූ බව එක්සත් අරාබි එමීර් බලධාරීන් ප්‍රකාශ කළා.

ගිනි ගැනීමට ලක්වූ මෙම ගොඩනැගිල්ල නිවහන් 3000කින් සමන්විත කුළුණු 12ක නිවාස සංකීර්ණයකට අයත්.

නව අවුරුදු උදාවේදී ද ඩුබායි හි මහල් 63කින් සමන්විත ගොඩනැගිල්ලක විශාල ගින්නක් ඇති වූ අතර, පැය 20ක් තිස්සේ පැවැති එම ගින්නෙන් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලැබුවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories