ග්‍රීසියේ සිටින සරණාගතයන් තුර්කියට

Monday, 04 April 2016 - 8:10

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A++%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
යුද ගැටුම් හේතුවෙන් සරණාගතයන් ලෙස ග්‍රීසියට  ගොස් සිටින පිරිස් තුර්කියට යළි හරවා යැවීම අද ආරම්භ වනවා.

මීට දින කිහිපයකට පෙර යුරෝපා සංගමයේ රටවල් අතර ඇතිවූ එකඟතාවක් මතයි මෙලෙස සරණාගතයින් තුර්කියට යැවෙන්නේ.

ඒ වෙනුවට ඔවුන්ට යුරෝපා රටවලින් ආධාර සහ දේශපාලන සහන හිමිවනවා.

 සිරියාව ඇතුලූ රටවල් කිහිපයක හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් පසුගිය සමයේ සරණාගතයින් විශාල ලෙස යුරෝපා රටවලට සංක්‍රමණය වුනා.

මේ නිසා යුරෝපා රටවල් මුහුණදුන්නේ දැඩි අර්බුදයකටයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සරණාගතයින් තුර්කියට යැවීමේ ක්‍රියාදාමය තුළ අඩුපාඩු රැසක් පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories