යෝෂිත කඩුවෙල අධිකරණයට

Thursday, 28 April 2016 - 13:37

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
සී.එස්.එන් නාලිකාවට බාහිර විකාශන කටයුතු සඳහා රථයක් ආනයනය කිරීමේදී ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර ඇති බව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එසේම අදාළ විකාශන රථය සමග ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කරමින් අඩු තක්සේරු වටිනාකම් යටතේ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථ දෙකක්ද ආනයනය කර ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

මීට අදාළ නඩුව අද (28) කැඳවනු ලැබුවේ කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ හමුවේයී.

නඩුවේ සැකකරුවන් වන හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ, සී.එස්.එන්. නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට, හිටපු ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග ඇතුළු සැකකරුවන් පස් දෙනාද අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ යෝෂිත රාජපක්ෂ සතුව විදේශ ගමන් බලපත්‍ර 05 ක් තිබුනද විමර්ශන සඳහා ඉදිරිපත් කර ඇත්තේ එක් ගමන් බලපත්‍රයක් බවයි.

එමෙන්ම, බාහිර විකාශන රථයක් සහ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථ දෙක ආනයනය කිරීම සම්බන්ධයෙන් රේගු පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියෝගයක් ලබාදෙන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නේ ලබන 03 වනදා නඩුව විභාගයට ගන්නා ස්ථිර මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වා තමන්ට අවශ්‍ය නියෝගය ලබා ගන්නා ලෙසයි.

ලබන 03 වනදා සිට සති දෙකක කාලයක් ඇතුළත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස විනිසුරුවරයා සැකකරුවන්ට නියෝග කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories