තැපෑල අද මුදල් ඇමති හමුවේ

Wednesday, 15 June 2016 - 8:05

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
තැපැල් සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක සමග අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

අතිකාල රාජකාරි ඉටු කිරීමේදී ලබාදෙන ප්‍රසාද ගෙවීම් යළි ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල් කර ගනිමින් තැපැල් සේවකයන් ආරම්භ කළ අතිකාල වර්ජනයට අදට දින 4ක් ගත වනවා.

මේ හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ද්‍රව්‍ය ඇතුළු තැපැල් භාණ්ඩ ලක්ෂ ගණනකට ආසන්න සංඛ්‍යාවක් සිර වී ඇති බවයි වර්ජනයේ නිරත ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක  බණ්ඩාර කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories