කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

Saturday, 18 June 2016 - 13:58

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+12%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කලටුවාව ජල පවිත්‍රාගාරයේ නවීකරණ කටයුත්තක් හේතුවෙන් ලබන 21 වන අගහරුවාදා දහවල් 12 සිට රාත්‍රී 12 දක්වා කොළඹ අවට ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව  ජාතික  ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, ගොඩගම, මීපේ, හංවැල්ල, කළුඅග්ගල, පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

එමෙන්ම එම කාලය තුළ කඩුවෙල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories