ඉතියෝපියාවේ විරෝධතාවලදී 100 දෙනෙකු මරුට

Tuesday, 09 August 2016 - 9:44

%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+100+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉතියෝපියානු රජයට එරෙහිව සතියක් තිස්සේ පැවැති විරෝධතාවලදී ආරක්ෂක අංශ සමඟ ගැටුණු පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසනවා.

විශේෂයෙන් බහීර් ඩාර් ප්‍රදේශයේ පසුගිය ඉරිදා ඇති වූ එවැනි ගැටුමකදී පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ.

ඉතියෝපියාවේ ඔරෝමෝ සහ අම්හාරා යන ප්‍රදේශවල ජනතාව මෙලෙස විරෝධතාවල නිරත වූයේ දේශපාලන සහ ආර්ථික වශයෙන් තමන් කොන්කර ඇති බවට චෝදනා කරමින්.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පෙන්වා දෙන්නේ විරෝධතාකරුවන් 67 දෙනෙකු ඍජුවම ආරක්ෂක අංශවල වෙඩි පහරින් මිය ගොස් ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories