තරුවක් නමින් ග්‍රහකයක් නම් කෙරේ

Tuesday, 06 September 2016 - 8:11

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
80 දශකයේ බටහිර සංගීත ලෝකයේ සුපිරි තරුවක් වූ ක්වීන් සංගීත කණ්ඩායමේ ගායක ෆ්‍රෙඞී මර්කරි නමින් ග්‍රහකයක් නම් කර තිබෙනවා.

ඒ, ඔහුගේ 70 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන්.

පොප් සංගීත ලෝකයේ පෙරළිකාර චරිතයක් වූ ෆ්‍රෙඞී මර්කරි 1991 වසරේ මිය ගිය අතර ඒ, ඒඩ්ස් රෝගය වැළදීමෙන් බව එකල ප්‍රකාශ වුණා.

අඟහරු සහ බ්‍රහස්පති අතර සැරි සරන සැතපුම් දෙකක පමණ පරිමිතියකින් යුත් 17,473 ග්‍රහකය මින් පසු හැදින්වෙන්නේ ඔහුගේ නමින්.

ෆ්‍රෙඩී මර්කරිගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ ක්වීන් සංගීත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් පසුගිය සති අන්තයේ ලන්ඩනයේදී සැමරුම් සංදර්ශනයකට ද එක්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories