මාතර - මහානාම පාලම යටින් නාඳුනන මළ සිරුරක් හමුවේ

Thursday, 08 September 2016 - 7:57

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B6%B1+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මාතර - මහානාම පාලම යට තිබී නාඳුණන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු දුරකථන ඇමතුම් ඔස්සේ අදාළ මළ සිරුර සොයාගත් බවයි.

අවුරුදු 55 ක් පමණ වයසැති මෙම පුද්ගලයාගේ හිස බූ ගා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දින කිහිපයකට පමණ පෙර මියගොස් ඇති මෙම පුද්ගලයාගේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් හඳුනාගෙන නැහැ.

මෘත ශරීරය මාතර රෝහලේ තැන්පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහුගේ මෘත ශරීරය භාර ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බවයි මාතර පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories