හෝමාගමදී ටිපර් රථයක් දුම්රියේ ගැටේ

Friday, 09 September 2016 - 8:50

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
හෝමාගම - නගර සීමා මාවතේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටුණු ටිපර් රථයකට අලාභ හානි සිදුවී තිබෙනවා.

මරදානේ සිට හෝමාගම බලා අද උදෑසන 5 ට පිටත් වූ දුම්රියේ මෙසේ ගැටී ඇත්තේ ටිපර් රථයේ පිටුපස කොටසයි.

කෙසේ නමුත්, ටිපර් රථයේ රියදුරාට හෝ කිසිවෙකුට ඉන් හානියක් සිදුවී නැහැ.

මෙම දුම්රිය හරස් මාර්ගයේ ස්වයංක්‍රීය දුම්රිය ගේට්ටු යොදා තිබුණ ද අනතුර සිදුවන අවස්ථාවේදී ක්‍රියාත්මක වී නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.

අනතුරු ඇගවීමේ ආලෝක සංඥා පුවරු ද ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වී නොමැති බව පොලිසිය සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories