මට්ටක්කුලිය සිව් පුද්ගල ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Friday, 28 October 2016 - 12:56

%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේදී පුද්ගලයන් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති 18 හැවිරිදි මෙම සැකකරුවන් දෙදෙනා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් කුඩු රොෂාන් ඇතුලූ 11 දෙනා මේ මස 31 වනදා දක්වා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ අවසර ලබාදුන්නා.

වෙඩි තැබීමේ සිද්ධීයේදී තුවාල ලැබූ තවත් තුන්දෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories