ටිරාන් අලස් ඇතුළු තුන්දෙනාට ඇප

Thursday, 10 November 2016 - 13:45

%E0%B6%A7%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රාඩා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මව්බිම් පුවත්පතේ සභාපති ටිරාන් අලස් ඇතුළු තිදෙනාට ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන අද නියෝග කළා.

ඒ අනුව එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 4 ක් මතයි මෙලෙස මුදාහැරීමට නියෝග කෙරුණේ.

රාඩා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මව්බිම පුවත්පතේ සභාපති ටිරාන් අලස් වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය පසුගියදා නියෝග කළා.

ඒ ඔහු ඉදිරිපත් කර තිබූ  ප්‍රතිශෝධිත අයඳුම්පතක් අභියාචනාධිකරණයේදී සලකා බැලූණු අවස්ථාවේදීයි.

එමෙන්ම ටිරාන් අලස්ට අද දිනයේ  මහාධිකරණයේ පෙනී සිටින ලෙසද අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ අනුවයි ඔහු අද අධිකරණයට ගෙන එනු ලැබුවේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories