හෙරොයින් රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

Friday, 16 December 2016 - 7:21

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයෙකු මස්කෙළිය පොලිසිය ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් මිලිග්‍රෑම් 100 කට වැඩි ප්‍රමාණයක් ඔහු සතුව තිබී සොයා ගෙන ඇති බව සදහන්.

මෙම සැකකරු තවත් තරුණයින් 7 දෙනෙකු සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර, මාවුස්සාකැලේ පොලිස් පිරික්සුම් ස්ථානයේදී සිදුකළ පරීක්ෂාවකදීයි මෙම හෙරොයින් සොයා ගෙන ඇත්තේ.

සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories