වොක්ස්වැගන් කම්හලට මුල් ගල තැබීම අද පස්වරුවේ

Tuesday, 03 January 2017 - 13:00

%E0%B7%80%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මෙරට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කෙරෙමින් ඉදිකෙරෙන වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාව සඳහා මුල් ගල තැබීම අද පස්වරුවේ සිදුවනවා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

කුලියාපිටිය,ලබුයාය,මහනුගලන්ද වත්ත ප්‍රදේශයේ අක්කර 50කට වැඩි භූමි ප්‍රමාණයක මෙය ඉදිවන්නේ ඉකුත් මැතිවරණ සමයේ ආණ්ඩුව ලබාදුන් පොරොන්දුවකට අනුවයි.

වසර 3ක් තුළ මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, ජර්මන් රජය විසින් ඒ සඳහා සිදුකර ඇති මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 26.5ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories