සීතලට ගිනි තැපීමට ගිය තවත් කාන්තාවක් මිය යයි

Tuesday, 17 January 2017 - 12:46

%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශීත කාලගුණය හේතුවෙන් ගිනි තැපීමට ගිය තවත් කාන්තාවක් පිළිස්සී මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ - මහවෙල - ගලලියද්ද ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක්.

මේ දිනවල පවතින අධික ශීතලත් සමඟ මිය ගිය කාන්තාව නිවස ආසන්නයේ ගිනි මැලයක් දල්වාගෙන ඊයේ ගිනි තපිමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේදී ඇය ඇඳ සිටි ඇඳුම්වලට ගිනි ඇවිලී ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම කාන්තාව කලක සිට නිවසේ තනිව ජීවත්ව තිබෙනවා.

මේ අතර, පවතින ශීත කාලගුණයත් සමඟ ගිනි තැපීමට ගොස් පුද්ගලයින් කිහිප දෙනෙකු මිය ගිය අවස්ථා පසුගිය දින කිහිපය තුළම වාර්තා වුණා.

බදුල්ල - කන්දකැටිය - 24 කණුව ප්‍රදේශයේ 5 හැවිරිදි දැරියක් මෙලෙස ගිනි  තැපීමට ගොස් මිය ගියේ පසුගිය සිකුරාදායි.

නුවරඑළිය - හාවාඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටි එක් අයෙකු සීතල මකා ගැනීම සඳහා මස් පුළුස්සන උඳුනක් ඔවුන් සිටි කාමරයේ තබා ගැනීමෙන් පසුව එයින් නිකුත් වූ විෂ වායුවක් ආඝ්‍රහනය කිරීමෙන් මිය ගියේ පසුගිය ඉරිදායි.

මෙම සිද්ධියේදී විෂ වායු ආඝ්‍රහනය වූ තවත් දෙදෙනෙකු රෝහල් ගත කරනු ලැබුවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories