ත්‍රිකුණාමලයේ කුඹුරු අක්කර 50,000ක් ගවයින්ට

Tuesday, 17 January 2017 - 12:58

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+50%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ වගා කර ඇති කුඹුරු ප්‍රමාණයෙන් අක්කර පනස්දහසකට වැඩි සංඛ්‍යාවක් ගවයින්ගේ ආහාර සදහා අතහැර දැමිමට සිදුව ඇති බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ සඳහන් කළා.

පවතින තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා විශේෂ දිස්ත්‍රික් කමිටු රැස්වීමක් හෙට පස්වරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි ඔහු කියා සිටියේ.

වියළි කාලගුණය හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 21,598 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

දිස්ත්‍රික්කයේ කුච්චවෙලි, ගොමරන්කඩවල, මුතූර්, කන්තලේ, කින්නියා, මොරවැව, සේරුවිල සහ පදවි - ශ්‍රීපුර යන ප්‍රදේශ වලට නියගයෙන් වැඩි බලපැම් එල්ල වි ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, බිත්තර වී, සහල් සදහා යොදා ගැනීමෙන් වළකින ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ වන විට වෙළඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නිසා ඇතැම් ගොවීන් බිත්තර වී සහල් සදහා අලෙවි කිරීමට පෙළඹී ඇති බව සඳහන්.

මේ නිසා කඩිනමින් ගොවීන් ලියාපදිංචි කර ඔවුන් සතු බිත්තර වි වැඩි මුදලකට මිලදී ගැනීමට ද කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකොන් ප්‍රකාශ කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories