බ්‍රිතාන්‍ය අගමැතිනිය අද ඇමරිකානු ජනපති ට්‍රම්ප් හමුවේ

Friday, 27 January 2017 - 8:51

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු අද ප්‍රථම වරට විදේශීය රාජ්‍ය නායිකාවක හමුවනවා.

ඇමරිකාවේ සංචාරයක් ආරම්භ කළ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ ජනාධිපති ට්‍රම්ප් අතර සාකච්ඡාව අද වොෂින්ටනයේ ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ට්‍රම්ප් මෙන්ම, බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ද තම රටේ දේශපාලන විප්ලවයක ප්‍රතිඵලයක් ලෙස බලයට පත් වූ තැනැත්තියක්.

ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ තමාට වාණිජ ලේකම්වරයෙකු නොමැති බැවින් බ්‍රිතාන්‍ය අගමැතිනිය සමඟ පවත්වන වෙළඳ සාකච්ඡා ද තමා විසින්ම මෙහෙයවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories