වාරියපොළ දී පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදුන් හැටි

Monday, 06 February 2017 - 6:58

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
වාරියපොල බස් නැවතුම් පොළේදී තරුණියෙක විසින් තරුණයෙකුට පහර දීමේ සිද්ධියක් පිළිබඳව මීට පෙර සමාජය පුරා දැඩි කථාබහකට ලක්වුණා.

මේ අතර ඊයේ වාරියපොළ බස් නැවතුම් පොළේදීම තවත් පහරදීමක් සිදුවුණා.

කිසියම් පුද්ගලයෙකු ජංගම දුරකතනයකින් මෙම සිද්ධිය පටිගත කර තිබුණේ වාරියපොල බස් නැවතුම් පළේදී.
 
ත්‍රිරෝද රථයකින් බැස පැමිණි පුද්ගලයෙකු බස් නැවතුම්පළ අසල සිටි තරුණයෙකුට පහර දෙන ආකාරය එහි දැක්වෙනවා.
 
පහරදී තල්ලු කර දැමුණු තරුණයා ඒ අසලින් ගමන් කළ ත්‍රිරෝද රථයකට යට වුවත් ත්‍රිරෝද රථ රියදුරා ක්ෂණිකව රථය නවත්වා ගැනිම හේතුවෙන් එම තරුණයා බරපතළ අනතුරකට ලක්වූයේ නැහැ.

පහර දුන් පුද්ගලයා තමන් පැමිණි ත්‍රිරෝද රථයෙන්ම එම ස්ථානයෙන් පළායන අයුරුද දැකගත හැකිවුණා.
 
ඊයේ පස්වරුවේ මෙම පහර දීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතුරු පොලිසියට පැමිණිල්ලක් සිදුකර නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories