චින්නම්මා මහ ඇමතිනිය ලෙස දිවුරුම් දීම ඉදිරි දින දෙක තුළදී

Monday, 06 February 2017 - 7:54

%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AF%E0%B7%93
හෙට හෝ ලබන 9 වනදා තමිල්නාඩු නව මහ ඇමතිනිය ලෙස ජයලලිතාගේ සමීපතම හිතවතිය වන ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා දිවුරුම් දීමට නියමිතයි.

ඇය මහ ඇමති ධුරයට පත් කිරීමට ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය ඊයේ තීරණය කළා.

එමෙන්ම ශෂිකලා නටරාජන් හට මහ ඇමති ධුරය ලබාදීම සඳහා වත්මන් මහ ඇමති  ඕ පන්නීර් සෙල්වම් ද සිය තනතුරෙන් ද ඊයේ දිනයේ ඉවත්වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

61 හැවිරිදි ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා තමිල්නාඩුවේ 12 වන මහ ඇමතිවරයා වන අතර එම තනතුරට පත්වූ තමිල්නාඩුවේ තුන්වන කාන්තාව වන්නේද ඇයයි.

මේ අතර චින්නම්මා මහ ඇමති ධුරයට පත් කිරීමට තමිල්නාඩු විපක්ෂ නායක එම්.කේ. ස්ටාලින් විරෝධය පළ කර ඇති බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories