සතොසෙන් සහල් නිකුත් කිරීමේ සීමාව ඉවත් කෙරේ

Saturday, 18 February 2017 - 12:53

%E0%B7%83%E0%B6%AD%E0%B7%9C%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ආනයනික සහල්වලට සහ දේශීය සහල්වලට වෙන වෙනම උපරිම සිල්ලර මිලක් පැනවීම හේතුවෙන් ගැටළු රැසක් ඇතිවී තිබෙන බව මෝල් හිමියන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මත ජාවාරම්කරුවන්ට රුකුලක් ලැබෙන බවයි.

ඉකුත් සතියේ ආනයනික සහල් සඳහා පාලන මිලක් පැනවූ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය සහල් සඳහාද පාලන මිලක් පැනවීමට රජය කටයුතු කළා.

ඒ අනුව  දේශීය නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 80ක්ද, නිවුඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 78 කටද දේශීය සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 90 ක් ලෙසද මිල නියම කර තිබෙනවා.

ඉකුත් සතියේ මිල නියම කෙරුණු ආනයනික නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 72 කටද, නිවුඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 70 කටද, ආනයනික සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 80 ක් ලෙසටද උපරිම සිල්ල මිල පැනවීමටයි කටයුතු කළේ.

ඊයේ පෙරවරුවේ සහල් මිල සම්බන්ධයෙන් පාරිභෝගික සභාව රැස්වූ අතර, එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ පොළොන්නරුව දිස්ත්‍රික් සභාපති මුදිත් පෙරේරා කියා සිටියේ පවතින ගැටළුව පිළිබඳව තම සංගමය අනාවරණ කළද ඊට විසඳුම් නොලැබුණු බවයි.

පවතින ගැටළුව පිළිබඳව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් චින්තක සමරවික්‍රම ලොකුහෙට්ටිගේ ගෙන්ද විමසා සිටියා.

ඔහු කියා සිටියේ කිසිදු ආකාරයකින් ජනතාව මුලා කිරීමට හෝ වංචනික කටයුතුවලට ඉඩ නොතබන  බවයි.

තවද සතොස හරහා නිකුත් කළ සහල් කිලෝ 5හේ සීමාව අද සිට ඉවත් කළ බව ද ඔහු සඳහන් කළා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories