කටුකුරුන්දේ මෙහෙයුම තවමත්

Monday, 20 February 2017 - 13:03

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A
කළුතර - කටුකුරුන්ද මුහුදු ප්‍රදේශයේදී සිදුවූ යාත්‍රා අනතුරෙන් අතුරුදන්වුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනල් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ කියා සිටියේ ඩෝරා යාත්‍රා 2ක්, ඩිංගි බෝට්ටු 03ක් සහ නාවික හමුදා කිමිදුම්කරුවන් 15 දෙනෙකු මෙහෙයුම් සදහා යොදවා ඇති බවයි.

ඊයේ් පෙරවරු 11යි 30 ට පමණ කළුතර - කටුකුරුන්ද වෙරළ තීරයේ සිට කිලෝමීටර් 03කට ඔබ්බෙන් වු  ගැඹුරු මුහුදේ දී මෙම යාත්‍රාව අනතුරට ලක්වුණේ බේරුවල - ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය නිමිත්තෙන් පැවති බෝට්ටු පෙරහරකට එක්ව සිටියදියි.

යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී එහි  41 දෙනෙකු ගමන් කළ අතර ඉන් 11 දෙනෙකු මියගියා.

මොවුන් අතර කාන්තාවන් හත්දෙනෙකු, පිරිමින් තුන්දෙනෙකු සහ අට හැවිරිදි දරුවෙකු ද වනවා.

බේරුවල සහ කළුතර රෝහල්වල තැන්පත් කර තිබූ මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ අද පෙරවරුවේ ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

සිද්ධියත් සමඟ අනතුරට පත්වූ 29 දෙනෙකු බේරාගත් අතර, තවත් එක් අයෙකු අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි දකුණු කළුතර පොලීසිය සඳහන් කළේ.

මෙම යාත්‍රාවේ ප්‍රමාණය ඉක්මවා පුද්ගලයින් ගමන් කිරිම අනතුරට මූලික හේතුව බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම අධික වේගයද මෙම යාත්‍රා අනතුරට තවත් හේතුවක්. යාත්‍රාව පෙරළී යන අවස්ථාවේදී එහි සිටි බොහෝ පිරිසක් ආරක්ෂිත කබා පැළද නොසිටි බවටයි අනාවරණ වුණේ.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories