කච්චතිව් මංගල්‍යයට ඉන්දීය බැතිමතුන් නොපැමිණේ (ඡායාරූප)

Sunday, 12 March 2017 - 13:27

%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය සඳහා ඉන්දියානුවන් කිසිවෙකු නොපැමිණි බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද උදෑසන ආරම්භ වූ අතර ඒ සඳහා ඉන්දියාවෙන් 5 000 කට අධික බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරුණා.

එහෙත් අද උදෑසන වනතුරුම ඉන්දියානුවන් කිසිවෙකු නොපැමිණි බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රකාශ කළේ කච්චතිව් දූපතේ සිට අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනුග්‍රහයෙන් කච්චතිව් දූපතේ ඉදිකළ නව දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

තමිල්නාඩු ධීවරයන්ට දේශීය වල්ලම් උපයෝගී කරගෙන කච්චතිව් වන්දනාවේ නිරතවීම තහනම් කරමින් මදුරාසි මහාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කර තිබුණා.

එමගින් ප්‍රකාශ කළේ එම බෝට්ටු මගින් දීර්ඝ මුහුදු චාරිකාවක නිරතවීම අනතුරුදායක බවයි.

කෙසේ නමුත්, කච්චතිව් වන්දනාවේ නිරතවීමට අපේක්ෂා කරන ධීවරයන් පිළිබදව කටයුතු කරන ලෙස මදුරාසි මහාධිකරණය ප්‍රාන්තයේ ධීවර
කොමසාරිස්වරයාට නියෝග කරනු ලැබුවා.

කෙසේ නමුත් ඉන්දීය බැතිමතුන් කච්චතිව් වෙත පැමිණීම සඳහා රාමේෂ්වරමට පැමිණියද එහි ධීවර සංගම්වල පිරිසක් ඔවුන් වළක්වා ඇති බව වාර්තාවුණා.

බැතිමතුන් 5000 ක් පමණ මෙලෙස එහි අතරමංව සිටින බව රාමේෂ්වරමේ කතෝලික පූජකවරුන් දැනුම්දුන් බවයි කච්චතිව් දේවස්ථානයේ දේවගැති හිමියන් ප්‍රකාශ කර ඇත්තේ.

පසුගියදා ඉන්දීය ධීවරයෙකු මෙරට නාවික හමුදා වෙඩි පහරින් මියගිය බවට තමිල්නාඩු ධීවරයන් චෝදනා කළා.

කච්චතිව් වෙත පැමිණෙන ඉන්දීය බැතිමතුන් වළක්වා ඇත්තේ එම චෝදනා එල්ල කරන කණ්ඩායම් විසින් බව විශ්වාස කෙරෙනවා.

කච්චතිව් දූපතේ සිට අද උදෑසන අදහස් පළ කළ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සඳහන් කළේ අදාළ චෝදනාව නාවික හමුදාව දැඩි සේ ප්‍රතික්ෂේප කරන බවයි.

ඉන්දීය පාර්ශවයෙන් අවශ්‍ය තොරතුරු ලබාදෙන්නේ නම් ඒ පිළිබඳ නිසි පැහැදිලි කිරිමක් සිදුකළ හැකි බව ඔහු අවධාරණය කළා.



 


 

ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories