සෞදියෙන් පිට වෙන්න නොහැකි වූවන්ට අවස්ථාවක්

Thursday, 23 March 2017 - 12:47

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සෞදියේ නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට දිවයිනට පැමිණීම සඳහා මාස තුනක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ මස 29 වනදායින් මෙම පොදු සමාකාලය ආරම්භවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

එම කාල සීමාව තුළ නේවාසික වීසා නොමැතිව සහ දේශසීමා නීති උල්ලංඝනය කරමින් සෞදි අරාබිය තුළ රැඳී සිටින සහ සේවය කරන පුද්ගලයන් සඳහා දඬුවමකට යටත් නොවී රටින් පිටවීමට අවස්ථාව හිමිවනු ඇති.

මෙම පොදු සමාකාලයෙන් පසුව තවදුරටත් නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පොදු සමාකාලය තුළ යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories