අද සිට වියලි කාලගුණයේ වෙනසක්

Monday, 27 March 2017 - 10:11

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
අද දිනයේ සිට වියලි කාලගුණයේ තරමක වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අනුව උතුර පළාත හැර අනෙකුත් පළාත්වලට පස්වරු දෙකෙන් පසු වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණ පළාත්වලට මෙලෙස වැඩි වශයෙන් වැසි ඇදහැලීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළංද ඇතිවිය හැකියි.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමටද පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා  දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories