බලපිටියේ අධිකරණ ගබඩාව බින්දේ, රන් සොරකමකට

Tuesday, 28 March 2017 - 12:33

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%2C+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7
බලපිටිය මහාධිකරණයේ ලිපිලේඛන ගබඩාව කිසියම් පුද්ගලයෙකු කඩා ඇත්තේ එහි ඇති රත්‍රං භාණ්ඩ සොරා ගැනීමේ අරමුණින් බව පොලීසිය පවසනවා.

අම්බලන්ගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු සදහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විටත් හඳුනාගෙන ඇති බවයි.

ඔහුගේ ඇඟිලි සලකුණු කිහිපයක් අධිකරණය අසළ පිහිටි කෙසෙල් ගසක කොළයක සටහන් වී ඇති බව ද ඔහු සදහන් කළා.

පොලිස් මූලස්ථානය ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ සොරුන් අදාළ කාමරයට ඇතුළු වී අවසන් වූ නඩු ගොනු සහ කබඩ් අවුස්සා දමා ඇතත්, ලේඛනාගාරයේ කිසිදු නඩු ගොනුවක් අඩු වී නොමැති බවයි.

ලේඛනාගාරය භාරව සිටින නිලධාරියා ඒ බව තහවුරු කළේ යැයි එම නිවේදනයේ දැක්වෙනවා.

කෙසේ නමුත්, ඇඟිලි සලකුණු, නිළ සුනඛයන් සහ අපරාධ පරීක්ෂණ නිළධාරීන් ද කැදවා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories