ගල්කිස්සේ මරණයට හේතුව සිය දිවි නසා ගැනීමක් ?

Tuesday, 28 March 2017 - 13:21

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%3F
ගල්කිස්ස - කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවසක නාන කාමරය තුල පිලිස්සුම් තුවාල සහිත වැටී සිටි කාන්තාවක් රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගිය කාන්තාව එම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම කාන්තාව අසල තිබී භූමිතෙල් බෝතලයක් ද සොයාගෙන ඇති අතර මෙය සියදිවි හානි කර ගැනීමක් බවට සැක පළ කරන බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල මඩොල්සිම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අවිවාහක කාන්තාවක්.

අදාල නිවසේ හිමිකාරිය පාසල් ගොස් සිටි සිය දරුවන් රැගෙන ඒමට ගොස් සිටි අවස්ථාවේදී මෙම කාන්තාව මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

දරුවන් රැගෙන නිවසට පැමිණි කාන්තාව නිවසේ මෙහෙකාරිය නාන කාමරයේ පිලිස්සුම් තුවාල සහිතව වැටී සිටින ආකාරය දැක වහා ඇය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව ඇය මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories