මෝදි, ශ්‍රී ලංකාවේදී තමිල්නාඩු ධීවරයන් අමතක කළ බවට චෝදනා

Sunday, 14 May 2017 - 12:52

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් නිහඬතාවක් පළ කිරීම පිළිබඳව තමිල්නාඩුවේ ඞී.එම්.කේ. පක්ෂය ප්‍රශ්න කරනවා.

මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීම නිසා අත්අඩංගුවට පත්වීමේ ගැටළුවට වැඩි වශයෙන් මුහුණදෙන්නේ තමිල්නාඩු ධීවරයන්.

මේ නිසා ධීවර ගැටළුවට තිරසාර විසඳුමක් ලැබිය යුතු බව තමිල්නාඩුවේ දේශපාලන පක්ෂවල අදහසයි.

එවැනි විසඳුමක් තුළින් තමිල්නාඩු ධීවරයන්ට ඉමහත් සහනයක් ලැබිය හැකි වුවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරයේදී ඒ පිළිබඳව අදහස් පළ නොකිරීම ගැටළුකාරී බවයි තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂයේ නායකයෙකු වන සරවණන් කියා සිටියේ.

කෙසේ නමුත් වතුකරයේ දෙමළ ජනතාව වෙනුවෙන් අමතර නිවාස 10 000 ක් ඉදිකිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥාවක් ලබාදීම ඔහුගේ පැසසුමට ලක්වුණා.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහුගේ පරිවාර හෙලිකොප්ටර් යානයක් අක්‍රියවීම පිළිබඳවද ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ රථ වාහන පෙළට ඇතුළත් වූ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයක් මහනුවර - අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී අක්‍රියවීම නිසා ඉහළට නැංවීමට නොහැකිවුණා.

එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව යානයේ දෝෂය හඳුනාගත් බවත්, ඒ සඳහා අමතර කොටස් ඉන්දියාවෙන් ගෙන්වීමට කටයුතු යොදා තිබූ බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පරිවාර හෙලිකොප්ටර් යානා හැටන් ප්‍රදේශයට ගොඩබැස්සවීමේදී නිවාස කිහිපයක වහලයට හානි සිදුව ඇති බවත්, එක් කාන්තාවක් සුළු තුවාල ලබා ඇති බවත් මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළා.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ, මාතර - හක්මන ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories