අඛන්ඩ වර්ජනයේ වෙනසක් නැහැ - රජයේ වෛද්‍යවරුන්

Friday, 23 June 2017 - 18:37

%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 5ක් මුල් කර ගනිමින් සහ සරසවි සිසුන්ට පහරදීම හෙළා දකිමින් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අද පැවැති විධායක කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බවයි එහි ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පසුව පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

වර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බලපෑම් එල්ල වූ අතර, ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් අපහසුතාවට පත්වුණා.

මේ අතර, ප්‍රතිකාර ගැනීමට පැමිණි පුද්ගලයෙකු වර්ජනයට විරෝධය පළ කරමින් කලහකාරී ලෙස හැසිරීම නිසා හලාවත රෝහලේ අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එසේම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක අතරතුර කැකිරාව රෝහලේ වෛද්‍යවරයෙකු තැරැව්කරුවෙකු මාර්ගයෙන් ගලේවෙල රෝහල ඉදිරිපිට පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර කටයුතු සිදුකරන බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

එම ස්ථානයට ගිය අප ප්‍රාදේශීය මාධ්‍යවේදියා වෛද්‍යවරයාගෙන් ඒ පිළිබදව ප්‍රශ්න කර ඇති අතර, එහිදී කලබල වූ වෛද්‍යවරයා පාවහන් යුගල ද නොමැතිව ගලේවෙල රෝහලට දිව ගොස් තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories