තීරණය අපේ අතේ - ආණ්ඩුව

Thursday, 29 June 2017 - 13:17

%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%9A+-+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80
සයිටම් පිළිබදව අවසන් තීන්දුව ගනු ලබන්නේ වෛද්‍ය සංගමය විසින් නොව ආණ්ඩුව බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියොජ්‍ය අමාත්‍ය අජිත් පීි. පෙරේරා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (29) පෙරවරුවේ පැවති පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

මෙහිදී වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් උපරිම සතුටක් නොමැති වුව ද පසුගිය ආණ්ඩුවේ අකටයුතුකම් ජනතාවට අමතක වී නැති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රාජ්‍ය සහ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය සොයා බලා තහවුරු කිරීම සදහා විශේෂ අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව ද  නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ප්‍රකාශ කළා.

මේ අතර, උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙහිදී පැහැදිලි කිරීමක් කළා.

ඔහු කියා සිටියේ රජය ඇතැම් ගැටලූවලට මැදිහත්වීමේ වේගයේ යම් මන්දගාමී බවක් දක්නට ලැබෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories