මෙරට සංචාරක නිෂ්පාදන අපනයනවලට ඇමරිකාව තීරුබදු ඉවත් කරයි

Friday, 21 July 2017 - 12:40

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන සංචාරක කර්මාන්තයට අදාළ භාණ්ඩ සදහා තීරුබදු රහිත ප්‍රවේශයක් ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.

එය පසුගිය ජූලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක ඇමරිකානු ජී.එස්.පී තීරු බදු සහනය තවදුරටත් පුළුල් කිරීමක් ලෙසයි විදේශ කටයුතු අමාත්‍යාංශය හැදින්වූයේ.

ඒ අනුව, ගමන් මළු, පසුම්බි ඇතුළු සංචාරක කර්මාන්තයට අදාළව නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ ඇමරිකා එක්සත් ජනපදය වෙත තීරුබදු රහිතව අපනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන්ට හැකිවනු ඇති.

මෙතෙක් ඒ සදහා සියයට 6 ත් සියයට 20 ත් අතර, තීරුබදු අය කිරීම නිසා නව බදු සහනය මෙරට ග්‍රාමීය, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ජීවිකා වෘත්තීයට සවියක් වන ඇතැයි විශ්වාස කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories