මානව හිමිකම් රකින මුල් රටවල් 30ට ශ්‍රී ලංකාවත්

Friday, 21 July 2017 - 19:02

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+30%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A
මානව හිමිකම් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ලොව රටවල් තිහෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා.

ඒ, සිය වාර්ෂික මානව හිමිකම් වාර්තාව අද පස්වරුවේ නිකුත් කරමින්.

19 වැනි වරට එළිදැක්වූ මෙම වාර්තාව මගින් පසුගිය වසරේ මෙරට මානව හිිමිකම් තත්වයේ වර්ධනය පැසසුමට ලක් කරමින් එක්සත් රාජධානිය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව තවත් බොහෝ දෑ සිදුකළ යුතු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගින් බලය විමධ්‍යගත කිරීම පිළිබද ගැටළු විසදන බව එහි සඳහන්.

එසේම අයිතිවාසිකම් පිළිබද පනතක් හඳුන්වා දෙනු ඇති බවට තමන් අපේක්ෂාවෙන් පසුවන බව එක්සත් රාජධානිය ප්‍රකාශ කළා.

උතුරු පළාතේ හමුදාව සතු ඉඩම් කඩිනමින් මුදා හැරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කිසිදු චෝදනාවකට ලක් නොවූ පුද්ගලයින් රදවාගෙන සිටීම, උතුරු - නැගෙනහිර ප්‍රදේශ තුළ තවමත් ආරක්ෂක හමුදා විසින් සෝදිසි කිරීම්, බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම් සිදුකරමින් පවතින බවට එහි සඳහන්.

කෙසේ වෙතත්, අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා නීති සම්මත කිරීම, එක්සත් රාජධානිය සිය වාර්තාව මගින් ප්‍රසාදයට ලක් කර තිබෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories