රයන් ජයලත්ගේ සිදුවීම ගැන සොයන්න ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුනසිංහට පැවරේ

Friday, 21 July 2017 - 20:45

%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%BB%E0%B7%9A
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ පත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ පොලිස්පති පූජිත ජයසුන්දර විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.

එමෙන්ම රයන් ජයලත්ට විරුද්ධව පොදු දේපළවලට හානි සිදුකිරීමේ චෝදනාවක් තිබූ හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට අවශ්‍යව තිබූ බව ද ඔහු සඳහන් කළා.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී පිළිපැදිය යුතු නීතිමය කරුණු පිළිබදව අප ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු නීති ලේකම් නීතිඥ නිමල් පුංචිහේවාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පොලීසියට නොමැති බවයි.                                  

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ සයිටම් විරෝධී ජන පවුර පෙරේදා  සංවිධානය කළ රැස්වීමකට සහභාගි වී ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත්, පැහැර ගැනීමට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් උත්සාහ දැරුවා.

නමුත් එය ව්‍යර්ථ වුණේ වෛද්‍යවරුන් සහ එහි සිටි පිරිසක් ඊට විරෝධය දැක්වීම හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories