Update :- ඇමති රවී බැඳුම්කර කොමිසමට පැමිණෙයි

Wednesday, 02 August 2017 - 7:44

Update+%3A-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක බැඳුම්කර ගනුදෙනුව පිළිබදව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවට මේ වන විට පැමිණ තිබෙනවා.

අමාත්‍යවරයාට පසුගිය 26 වනදාද කොමිසමට කැඳවා තිබූ අතර, එදින කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ.

Update :- Wednesday, August 2, 2017 9.58 Am
---------------------------------------------------------------

විදේශ අමාත්‍ය සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ අද පෙනී සිටීමට නියමිතයි.

ඔහු පසුගිය 26 වනදාද එහි කැඳවා තිබූ අතර, එදින කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ.

ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා තම සේවාදායකයා කැඳවා ඇති නිසා කොමිසමට පැමිණිය නොහැකි බව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න එම අවස්ථාවේ කොමිසමට දැනුම් දී තිබුණා.

ඊට පසු දිනවල පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගි වීම සහ විදෙස් සංචාරයක් යොදාගෙන තිබීම නිසා අමාත්‍යවරයා අද කොමිසම හමුවේ පෙනී සිටින බවයි ඔහු කොමිසමට ප්‍රකාශ කර තිබුණේ.  

මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම භාරයේ පවතින අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකථනයේ දත්ත මකා දැමීමට උත්සාහ දරා ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ එම කොමිසමට දැනුම් දුන්නා.

අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ කියා සිටියේ ඒ සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ දියණියගේ ජංගම දුරකථන අංකය යොදාගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories