අන්තර්ජාල සේවා බදු ඉවතට - වාහන කිහිපයකත් බදු මුදල් අඩු වෙයි

Thursday, 17 August 2017 - 15:02

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+-+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අන්තර්ජාල සේවා ගාස්තු මත පනවා තිබූ සියයට 10 ක විදුලි සංදේශ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව සදහන් කළා.

මේ අතර ලොරි සහ කුඩා ප්‍රමාණයේ කැබ් රථ සඳහා වන බද්ද රුපියල් ලක්ෂ 3 කින් අඩුකර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 10 ක් වන එම බද්ද රුපියල් ලක්ෂ 7 දක්වා අඩුවනු ඇති.

එංජින් ධාරිතාව 150CC ට අඩු යතුරුපැදි සඳහා වන බදු සියයට 90 කින් අඩු කරන බව ද මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පැවති මාධ්‍ය හමුවේදී කියාසිටියා.

යතුරුපැදි සඳහා වු බදු මුදල් අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සදහන් කළේ අදාළ බදු අඩු කිරීම මැතිවරණ ඉලක්ක  කර ගනිමින් සිදුවූවක් නොවන බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories