පාසල් සිසුවියක් සිපගත් බවට සැකපිට සමෘද්ධි නිලධාරියෙක් අත්අඩංගුවට

Wednesday, 20 September 2017 - 10:41

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාසල් සිසුවියක් ක්‍රීඩා පුහුණුවීම් වල නිරතවී සිටින අතරවාරයේ ඇයව සිපගත් බවට සැකපිට සමෘද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර සමෘද්ධි නිලධාරිය ඊයේ (19) යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එයට විරෝධය පාමින් සමෘද්ධි නිලධාරීන් පිරිසක් අද (20) දින විරෝධතාවක් සංවිධානයකර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ආදාල සිසුවියට පසුගිය 12 වනදා මණ්ඩතිව්, ඒ- ග්‍රාමසේවා වසමේ පදිංචි සමෘද්ධි නිලධාරිවරයා විසින් ක්‍රීඩා පුහුණු කටයුත්තකට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

සිසුවිය එදින පැමිණිමෙන් පසුව මණ්ඩතිව් ක්‍රීඩාංගනයේ පිහිටි කාමරයක් තුලදී මෙම සිප ගැනීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාල සිදුවීමෙන් පසුව එම සිසුවිය විසින් මේ පිළිබඳව දෙමාපියන් දැනුවත් කර ඇති අතර අනතුරුව මණ්ඩතිව් ප්‍රදේශීය ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.

එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා පවසා ඇත්තේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසටත් අදාල සිදුවීම සම්බන්ධයෙන් කාර්යාල මට්ටමින් පරික්ෂණයක් සිදුකරන බවටයි.

සිසුවියගේ දෙමාපියන් විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව පරික්ෂණ සිදු කළ පොලීසිය ඊයේ සවස සැකකාර සමෘද්ධි නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories