සෞදි අරාබියේ අන්තර්ජාල දුරකථන ඇමතුම් තහනම ඉවතට

Wednesday, 20 September 2017 - 19:25

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
අන්තර්ජාල දුරකථන ඇමතුම් සඳහා පනවා ඇති තහනම හෙට සිට ඉවත් කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා.

බොරතෙල් අපනයනය කිරීමට අමතරව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම මෙහි අරමුණයි.

විදේශ ශ්‍රමිකයින් බහුලව සේවය කරන සෞදි අරාබිය විසින් 2011 වසරේදී මෙම තහනම පනවනු ලැබුවේ මැදපෙරදිග කලාපයේ පැතිර ගිය අරාබි වසන්තය හේතුවෙන්.

මෙම තහනම ඉවත් කිරීමෙන් පසු සෞදි අරාබියේ සිට ස්කයිප්, වයිබර්, ෆේස්බුක් හරහා ඇමතුම් ලබාගැනීමේ හැකියාව යළි උදාවන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories