බැඳුම්කර අවසන් වාර්තාව අධිකරණයට ගෙන යන බව සන්ධාන මහලේකම් කියයි

Wednesday, 18 October 2017 - 13:44

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රශ්ණගත බැදුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අධිකරණයට රැගෙන යාමට තමන් සූදානම් බව නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

කොළඹ පිහිටි නිල නිවසේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇමති ධූරවලින් ඉවත් වී හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවයි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට මුලින්ම පැමිණිලි කළේ තමන් බවයි.

මේ අතර හම්බන්තොට ඉඩම් විකිණිමක් සිදුවන්නේ නම්  ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටින බව ද අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී කියා සිටියා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මත්තල ගුවන්තොටුපල විකිණීමක් කිසිදු අයුරකින් සිදුනොවන අතර හම්බන්තොට පසුගියදා ක්‍රියාත්මක වූ උද්ඝෝෂණයට තමන්ගේ නම ඈදීමේ කුමන්ත්‍රණයක් පවතින බවයි.


 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories