උතුරු කොරියාව ගැන ජපාන මුහුදේ ඇති නෞකාවකට නියෝගයක්

Friday, 20 October 2017 - 16:27

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියාවට පහරදීමට සුදානම් වන්නැයි අමරිකානු යුද නෞකාවලට නියෝගයක් ලැබී ඇතැයි විදෙස්  මාධ්‍ය වාර්තා අනාවරණ කර තිබෙනවා.

අමරිකාව විසින් උතුරු කොරියාවට පහරදීමක් සිදු කළහොත් එය තුන්වන ලෝක යුද්ධයේ ආරම්භක පියවර බවට පත්වනු ඇති.

මේ වන විට ජපාන මුහුදේ යාත්‍රා කරන මිසයිල නාශක නෞකාවකට මෙලෙස උපදෙස් ලැබී ඇති අතර එම නෞකාවේ අනන්‍යතාව අනාවරණ කර නැහැ.

මෙම උපදෙස් ලබාදෙමින් ගැටුමකට මුහුණදිමට සුදානමින් පසුවන ලෙසට ආරක්ෂක නිලධාරීන්ට ද උපදෙස් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කරනවා.

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් අමරිකාව මෙන්ම ප්‍රබල රටවල් කිහිපයක්ම ඔවුන් සමග පසුවන්නේ අමනාපයෙන්.

අමරිකාව ද වරින් වර උතුරු කොරියාවේ ක්‍රියාකාරකම්වලට අනතුරු ඇගවීම් නිකුත් කළ ද ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානමින් පසුවන ලෙසට නියෝගයක් ලබාදී ඇත්තේ පළමු වරට බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මේ අතර උතුරු කොරියාව, ඇමරිකාවට පතිත කළ හැකි මිසයිලයක් අත්පත් කර ගැනීම වැඩි ඈතක නොවන බව ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාවේ ප්‍රධානී මයික් පොම්පියෝ පවසනවා.

එම සත්‍යය පිළිගෙන උතුරු කොරියාව එවැනි මිසයිලයක් අත්පත් කර ගැනීම වැළැක්වීමට ජනපති ට්‍රම්ප් පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

උතුරු කොරියාව නැවතත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා යොමුකරවා ගැනීමට සම්බාධක පිළිබඳ තවදුරටත් විශ්වාසය තබන බව සී.අයි.ඒ ප්‍රධානියා මෙන්ම ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර්. මැක්මස්ටර් කියා සිටියා.

කෙසේ නමුත්, උතුරු කොරියාව දිගුදුර න්‍යෂ්ටික මිසයිල නිපදවීම වැළැක්වීම සඳහා ඇමරිකානු හමුදා බලය යෙදවීම විකල්පයක් ලෙස බැහැර නොකරන බව වොෂින්ටනයේ් පැවති රැස්වීමකදී ඔවුන් දෙදෙනාම සඳහන් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories