ලක් රජය දුන් පොරොන්දු ඉටු කිරීම සහතික කරන්න - සම්බන්ධන්, ජගත් සංවිධාන නියෝජිතයාගෙන් ඉල්ලයි

Sunday, 22 October 2017 - 8:08

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ලක් රජය විසින් මෙරට ජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදුන් පොරොන්දු මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සහතික කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ජගත් සංවිධාන විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් වෙතින් ඉල්ලා තිබෙනවා.

සංක්‍රාන්ති යුක්තිය සහ ගැටුම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි. ග්‍රීෆ් සමඟ දෙමළ ජාතික සන්ධානයේ නායකයා පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රධාන කරුණු 3ක් පිළිබඳව අවධානය යොමු වූ බවයි එම සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් ගැටළුව, අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු නිරාවරණය සහ දේශපාලන සිරකරුවන් පිළිබදව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ජගත් සංවිධාන නියෝජිතවරයා වෙත කරුණු ඉදිරිපත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

උතුරේ ජනතාව ඔවුන්ගේ භූමිය සමඟ සමීපව බැදී සිටින අතර, රජය මගින්  ඔවුන්ගේ ඉඩම් මුදා හැරීමට කඩිනමින් කටයුතු කළ යුතුයි.

එමෙන්ම ආරක්ෂක අංශ වෙත භාර වූ සහ අතුරුදන්වූවන් පිළිබඳව ඔවුන්ගේ දෙමව්පියන් සත්‍යය දැන ගැනීම නීත්‍යානුකූල ඉල්ලීමක්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ව්‍යවස්ථාපිත නීති පොතෙන් ඉවත් කළ යුතු බව රජය ද පිළිගත් කරුණක් වන අතර දෙමළ දේශපාලන සිරකරුවන් කඩිනමින් නිදහස් කිරීමට රජය පියවර ගත යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ජගත් සංවිධාන නියෝජිතයා වෙත ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories