“ආවා” කල්ලියේ දෙදෙනෙකුගේ ජංගම දුරකත පරික්ෂා කරයි

Tuesday, 21 November 2017 - 16:03

%E2%80%9C%E0%B6%86%E0%B7%80%E0%B7%8F%E2%80%9D+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
යාපනයේ ක්‍රියාත්මක ආවා නැමැති පාතාල කල්ලියේ තවත් ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් පිරිසක් පේදුරුතුඩුව නිර්වේලි ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ ජංගම සංචාරයකදී සිදුකළ හදිසි මාර්ග බාධක රාජකාරියදී සැක සහිත ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේ දී නීතිවිරෝධී පිහියක් සමඟ මෙම පුද්ගලයින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සන්තකයේ තිබූ නීතිවිරෝධී පිහියක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගත බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

අත්අඩංගුවට ගෙන මොවුන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයින් කඩු අතැතිව සිටියදී ගත් ඡායාරූප ද සොයාගෙන තිබෙනවා.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ගේ උපදෙස් පරිදි ආවා කල්ලියට සම්බන්ධ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන මේවන විටත් ක්‍රියාත්මක අතර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ “ආවා” නැමති පාතාල කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග මේවන විටත් ගෙන ඇති බවයි.

මේ අතර ආවා කල්ලියේ නායකයා ලෙස සැළකෙන නිශා හෙවත් නිශා වික්ටර් නැමති පුද්ගලයාට වසර එකහමාරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර තිබෙනවා.

ඒ, බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලායාමට උත්සාහ කිරීමේ චෝදනාවටයි.

යාපනය - මනිපායි ප්‍රදේශයේදී සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් වන නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා පසුගියදා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී සැකකරු පළායාමට තැත් කළ අතර, පසුව බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන් ඔහු යළි අත්අඩංගුවට ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories