ඇමරිකානු සෙබළුන් 11 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටේ

Wednesday, 22 November 2017 - 14:47

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
ඇමරිකානු නාවික හමුදා සෙබළුන් 11 දෙනෙකු රැගෙන යමින් සිටි ගුවන් යානයක් ජපාන ආසන්න මුහුදට කඩාවැටී තිබෙනවා.

පැසිෆික් සාගරයේ මේ වනවිට රඳවා ඇති ඇමරිකාවට අයත් රොනල්ඩ් රේගන් යුද නෞකාව වෙත පියාසර කරමින් සිටියදියි මෙම යානය අනතුරට ලක්ව ඇත්තේ.

යානය සෙවීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ යානයේ එංජිමේ හටගත් කාර්මික දෝශයක් හේතුවෙන් එය අනතුරට ලක්ව ඇතැයි අමරිකා බලධාරීන් තමා දැනුවත් කළ බවයි.

අතුරුදන්වුවන් සෙවීමේ මෙහෙයුම්වලට ද ජපානයේ පුර්ණ සහය ලැබී තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ අමරිකාව වෙනුවෙන් වසර 15 ක පමණ කාලයක් සේවය සැලසු ගුවන් යානයක්.

එම යානය වෙනුවෙන් වෙනත් යානයක් ලබා ගැනීමට සැලසුම් කර තිබී ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories