සාමාන්‍ය පෙළ සිසුන්ට හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ එක්දින සේවාවක්

Wednesday, 22 November 2017 - 15:59

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සඳහා කඩිනමින් හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ලබන 25 වනදා සිදු කෙරෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එදින උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා බත්තරමුල්ල - සුහුරුපායේ දී මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

එසේම මේ වනවිට ඉල්ලූම්පත් යොමුකර ඇති පාසල් අයදුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් සකස් කර තැපැල් කරමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

25 වනදා එක්දින සේවාවෙන් හැඳුනුම්පත් ලබාගැනීමට පාසල් අයදුම්කරුවන් පැමිණීම අනිවාර්ය නොවන අතර, දෙමාපියන් හෝ ඥාතීත්වය තහවුරු කළ හැකි වෙනත් පුද්ගලයෙකු ග්‍රාම නිලධාරීවරයා මගින් සහතික කරන ලද ලිපියක් රැගෙන පැමිණීම ප්‍රමාණවත් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories