ඒකාබද්ධයෙන් සහ ජවිපෙන් විශ්වාසභංග - සද්භාවයෙන් කටයුතු කළ බව පළාත් පාලන ඇමති කියයි (ඡායාරූප)

Thursday, 23 November 2017 - 13:32

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C+-+%E0%B7%83%E0%B6%AF%E0%B7%8A%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගේ අත්සනින් යුතුව අද (23) විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට භාර දුන්නා.

ඒ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින්.

ඒ අනුව, ඔහු කෙරෙහි තවදුරටත් විශ්වාසයක් තැබිය නොහැකි බව අදාළ විශ්වාසභංග යෝජනාවේ තවදුරටත් සදහන්.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද කියා සිටියේ හෙට (24) දිනයේදී තම පක්ෂය ද අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට භාරදීමට පියවර ගන්නා බවයි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ මැතිවරණ කොමිසමට පැමිණියා.

ඒ, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සමඟ සාකච්ඡා කිරීම සඳහායී.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළා.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්.පීරිස් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල්යෑමේ වගකීම විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා භාරගත යුතු බවයි.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මේ වනවිට විදේශගතව සිටින අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගෙන් විමසීමක් කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ තමන් සියලූ කටයුතු සිදුකළේ සද්භාවයෙන් බවයි. විශ්වාසභංගයට එරෙහිව තමන්ගේ නිදොස්භාවය ඔප්පු කිරීම සඳහා කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

අද (23) පාර්ලිමේන්තුව ආරම්භයේදී පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ උත්සාහයන් පිළිබදව අදහස් පළ වීමත් සමග ඇති වූයේ දැඩි උණුසුම් තත්ත්වයක්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories