ඝන මීදුම එන තැන්

Friday, 15 December 2017 - 12:51

%E0%B6%9D%E0%B6%B1+%E0%B6%B8%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B6%B8+%E0%B6%91%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A
මේ දිනවල උදෑසන කාලයේ බොහෝ ප්‍රදේශවල ඝණ මීදුම් තත්ත්වයක් ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

විශේෂයෙන් බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක මෙම තත්ත්වය බහුලව දක්නට ලැබුණා.

මෙලෙස මීදුම හට ගන්නේ පරිසර උෂ්ණත්වය තුෂාර අංකයට සමාන වීම හේතුවෙන්.

අද (15) අලූයම් කාලයේ වලාකුළු අවම මට්ටමක පැවති අතර ඒ හේතුවෙන් පරිසර උෂ්ණත්වය ද කැපී පෙනෙන ලෙස පහළ වැටුණා.

මෙම මීදුම් තත්ත්වය බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට ඉදිරි මාස කිහිපයේදී බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කෙසේ වෙතත්, මෙවන් කාලවලදී නුවරඑළිය ප්‍රදේශයේ මීට පෙර වර්ෂවල පැවතියේ දැඩි ශීතල කාලගුණයක්.

නමුත්  නුවරඑළියේ මේ වර්ෂයේදී මීදුම් තත්ත්වයක් හෝ දැඩි ශීතල තත්ත්වයක් දක්නට නොමැති බවයි හිරු නුවරඑළිය ප්‍රාදේශීය වාර්තාකරුවන් අප කළ විමසීමකදී කියා සිටියේ.

පවතින ඝණ මීදුම් තත්ත්වය හට ගන්නේ කෙසේ ද යන්න පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායකගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.

ඔහු කියා සිටියේ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඝණ මීදුම් තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.





  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories