මලයාසියා අගමැති එයි

Sunday, 17 December 2017 - 8:43

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
දින 3 ක නිල සංචාරයක් සඳහා මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් දිවයිනට පැමිණ තිබෙනවා.

පෙරවරු 8.30 ට පමණ මැලේසියාවට අයත් ගුවන්යානයකින් ඔහු දිවයිනට ළගා වු බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු කියාසිටියේ.

මැලේසියා අගමැතිවරයා සමග 30 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් ද පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් සම්පූර්ණ වීම අනුස්මරණය කිරීමද අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ ශ්‍රී ලංකා සංචාරයේ එක් අරමුණක්.

ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවන අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතයි.

ජනාධිපතිවරයා සහ මැලේසියා අගමැතිවරයා අතර හමුව හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories