චිලී ගමක් ම නායයයි

Sunday, 17 December 2017 - 10:18

%E0%B6%A0%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලතින් ඇමරිකානු චිලී දේශයේ දකුණු දිග විල් කලාපයේ ධාරානිපාත වර්ෂාව සමඟ ගම්මානයක් නාය ගොස් ජීවිත හානි රැසක් වාර්තාවනවා.

විලා සැන්ටා ලූසියා නැමති මෙම දුරස්ථ ගම්මානය නායයෑමෙන් අවම වශයෙන් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 15 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.

ජනාධිපතිනි මිචෙල් බැචලට් නායයෑමට ලක්වූ ප්‍රදේශයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කළා.

වැසි ආපදා හේතුවෙන් චිලී දේශයේ නිවාස දහස් ගණනකට විදුලිය සැපයුමද ඇණහිට තිබෙනවා.

චිලී දේශයේ මෙම ආපදා තත්ත්වය වාර්තාවන්නේ එරට ජනාධිපතිවරණයේ දෙවන වටය පැවැත්වීමට නියමිතව තිිබියදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories