විසඳුම් නැහැ, වර්ජනය ස්ථිරයි - දුම්රිය වෘත්තිය සමිති කියයි

Monday, 30 July 2018 - 11:13

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%2C+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් මෙන්ම ස්ථානාධිපතිවරුන් අද මැදියම් රැයේ සිට ආරම්භ කිරීමට නියමිත පැය 48ක වර්ජනය ස්ථිර ලෙසම සිදුකරන බව වෘත්තිය සමිති පවසනවා.

සිය ඉල්ලීම්වලට බලධාරීන් මේ වනතුරුත් විසඳුමක් ලබාදීමට කටයුතු නොකිරීම හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය වෘත්තිය සමිති ඒකාබද්ධව රැස්වී මෙම තීරණය ගත් බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ.

දුම්රිය රියදුරු, නියාමක, පාලක මෙන්ම ස්ථානාධිපති ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදුකරන බවත් ඊට වෘත්තීය සමිති 08ක සහය හිමිවන බවත් ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම කියා සිටියේ මෙම වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන පීඩා අවම කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories