ඕමන්තේදී මෝටර් රියක් දුම්රියේ ගැටී හතරක් මරුට (ඡායාරූප)

Sunday, 16 September 2018 - 11:57

%E0%B6%95%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වවුනියාව -  ඕමන්තේ - පන්රිකෙයිදකුලම් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද පෙරවරු 10.30 ට පමණ යාපනය සිට මාතර බලා ධාවනය වෙමින් සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථය ගැටී ඇති බවයි වාර්තාවන්නේ. අනතුරෙන් කාන්තාවන් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

තවත් දෙදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.

මෝටර්  රථය දුම්රියේ ගැටෙන අවස්ථාවේ ඒ තුළ සිටි වයස අවුරුදු 10ක් පමණ වන කුඩා දරුවෙකු ඉන් පිටතට විසිවී තිබෙනවා.

ඔහුට තුවාල සිදුව නැතත් කම්පනයට ලක්වී සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර්  රථය තුළ රියදුරුද සමඟ හත්දෙනෙකු ගමන් කළ බව සඳහන්. 





වවුනියාව - මාධව කුලසූරිය




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories