එස්.බී. ඇතුළු පිරිසක්, නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට

Tuesday, 16 October 2018 - 12:44

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 15 දෙනාගේ කණ්ඩායමේ කිහිප දෙනෙකු අද (16) පැවැත්වෙන නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමට සහභාගිවීමට නියමිතව තිබෙනවා.

නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමට මෙම කණ්ඩායම යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කිරීම සඳහා තම කණ්ඩායමේ කිහිපදෙනෙකු මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වීමට අනුමැතිය ලබාදුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මධ්‍යම කාරක සභා රැස්වීම අද (16) පස්වරුවේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන්නේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම, ගම්පෙරළිය වැඩසටහනේදී  නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මුහුණදී ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළා.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද (16) පස්වරුවේ රැස්වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories