පොලිස්පති නියෝග මත සෑම පළාතකටම විශේෂ මෙහෙයුම් මැදිරි

Friday, 26 April 2019 - 17:45

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92
පොලිස්පතිවරයාගේ නියෝග අනුව සෑම පළාතකටම අදාළව විශේෂ මෙහෙයුම් මැදිරිය බැගින් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉතා හදිසි අවස්ථාවකදී තමප්‍රදේශයට අදාළව ජනතාවට මෙම විශේෂිත මෙහෙයුම් මැදිරිය හරහා තොරතුරු ලබාගැනීමට හැකියාව පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව ආරක්ෂක තත්වයට අදාළ තොරතුරු එම විශේෂ මැදිරියට දැනුම්දීමට ද හැකියාව පවතිනවා.

මෙම විශේෂ මෙහෙයුම් මැදිරි අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ ඒ ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවල ස්ථාපිත කර තිබෙනවා.

එම මෙහෙයුම් මැදිරිවල  දුරකථන අංක ද පොලිසිය ප්‍රකාශයට පත්කර ඇති අතර එමගින් තොරතුරු ලබාදිය හැකියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories